පළමු ටෙස්ට් ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමිවුණා.

ඒ කඩුලු 10කින්.

පළමු තරගයේ පළමු ඉණිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 212ක් රැස් කළ අතර දෙවන ඉණිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 113ක් පමණයි.

ඒ අනුව පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 325 ක්.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 321ක් රැස් කළ අතර දෙවැනි ඉණිමේදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් ලබාගනිමින් ඔවුන් ජය වාර්තා කළා.

තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?