AFC Banner
AFC Banner
Empty Ad

පළමු ඉනිමේ දී ඉන්දීය වේග පන්දු බලඇණිය ඔස්ට්‍රෙලියානු පිතිකරුවන්ව වඩා ගනියි

බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ පළමු ටෙස්ට් තරගය අද (22) සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර ආරම්භ වුණා.

ඒ පර්ත් නුවරදියි.

දෙරට අතර ටෙස්ට් තරග 05ක් පැවැත්වෙන අතර අද තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක බුම්‍රා විසින් හිමිකරගනු ලැබුවා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේවෙතත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ට අද දිනය නම් එතරම් සුබ නොවූයේ ඔවුන් සියලු ම දෙනා ලකුණු 150කට දැවී යාම හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ අද මංගල ටෙස්ට් වරම් දිනූ නිටිෂ් කුමාර්.

ඔහු ලකුණු 41ක් ලබාගත් අතර රිෂාබ් පාන්ට් ලකුණු 37ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී ජෝෂ් හේසල්වුඩ් කඩුලු 04ක් සහ මිචෙල් මාර්ෂ්, මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

පළමු ඉනිම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ඉන්දීය කණ්ඩායම සීමා කරමින් තරගයේ ආධිපත්‍යය මුල සිටම තම යටතට ගත් ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් සිය පළමු ඉනිම ඇරඹුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු බලඇණිය විසින් ඔස්ට්‍රෙලියාවේ කඩුලු සුනුවිසුණු කරන්නට වැඩි වේලා ගත වූයේ නැහැ.

ජස්ප්‍ර්ට් බුම්‍රාගේ පීඩනකාරී පන්දු හමුවේ ඔස්ට්‍රෙලියාවට කඩුලු 04ක් අහිමි වූ අතර ඔවුන් සිය පළමු දිනය නිමාවන විට කඩුලු 07ක් දැවී ලකුණු 67ක් ලබා සිටිනවා.

ඔස්ට්‍රෙලියානු පිතිකරුවන්ගෙන් කඩුලු 02ක් මොහොමඩ් සිරාජ් සහ හර්ෂිත් රනා එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 83ක් පිටිපසින් සිටින්නේ තවත් කඩුලු 03ක් පමණක් අතැතිවයි.

හෙට (23) තරගයේ දෙවැනි දිනය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
8
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?