පහළ කඩුගන්නාවේ නායගිය තැන දීර්ඝ කාලීනව ස්ථාවර කිරීමේ සැලසුම් සකස් කිරීම ඇරඹේ

පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ නාය යාමේ තත්ත්වය පරීක්ෂා කර එම ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බව ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසනවා.

අද (25) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව කොළඹ – නුවර මාර්ගය යළි විවෘත කිරීමේ හැකියාවක් පවතින බවයි.

කෙසේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කටයුතු සිදුකරගෙන යාම දුෂ්කර කාර්යක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසුවේ.

කඩුගන්නාව ප්‍රදේශයේ මැනුම් කටයුතු සිදුකිරීමට පවතින අපහසුතාව හේතුවෙන් ඩ්‍රෝන තාක්ෂණය සහ ලයිඩා තාක්ෂණය භාවිතකර එම මැනුම් කටයුතු සිදුකළ බවත් ඔහු සඳහන් කළා.

ඒ, අනුව එම ස්ථානය දීර්ඝ කාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් සකස් කිරීම සඳහා පියවර ඊයේ (24) දිනයේදී ආරම්භ කළ බවත් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කර සිටියා.

මේ අතර දැනට වසා ඇති කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ ගිලාබැසීමට ලක්වූ කොටස පිළිසකර කිරීම අද (25) දිනයේදීත් සිදු කෙරෙනවා.

දැනට තාවකාලිකව වසාදමා ඇති කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමන ගමනය සඳහා එක් මංතීරුවක් අද (25) දිනයේ හෝ හෙට (26) දිනයේ විවෘත කරන බව අමාත්‍ය බිමල් රත්නායක ඊයේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?