පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කළ තරුණයා සහ තරුණිය අද (02) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශන වලින් පසු එම යුවල අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියක් පන්නිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් මෙවැනි වීඩියො නිර්මාණය කර ඇත්තේ වෘත්තියක් ලෙසිනි.
අන්තර්ජාල වෙබ් අඩවි මගින් අන්තර්ජාතික ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා ලද තාක්ෂණික තොරතුරු පදනම් කරගෙන මෙම තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වේ.
මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ දම්සක් පදනම නම් සංවිධානයක් ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් පෙරේදා ( 31) කළ ලිඛිත ඉල්ලීමක් අනුවය.














මුන් දෙන්නට රජයෙන් සම්මානයක් අරන් දෙන්න බලන්න, මෙ පහන්තුඩුව ලංකාවෙ සහ ලොකයෙම ප්‍රසිද්ද කරාට ; මෙහෙම තැනක් මම වත් දෙන සිටියෙ නෙහෙ , අනික උන් දෙන්න කරපුවා අපෙ උන් බලන්නෙ හරිම ආසාවෙන් ; සිල්වත් උන් පවා; පොලීසියෙ උන් පවා; උන්ට නිදහසෙ එවාගෙ එවා කරගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්න; උන් දෙන්න දුප්පත් ජනතා සල්ලි හොර කම් කලෙ නෙහෙ ; ඔය පාර්ලිමෙන්තු වෙ ඉන්න සක්කිලි වාගෙ , ඔනෙම නම් අර කොල්ලට කෙල්ලට සමාජ රෝගද කියා එවාට බෙහෙත් දෙන්න