පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමි වෙයි

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (01) රාත්‍රියේ සිදු මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක්.

ඔවුන් දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මිය ගිය තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?