පවතින දැඩි වියලි කාලගුණය නිසා දියලුම දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය නිසා කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල ගොස් තිබේ.

දියලුම ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට පවතින දැඩි වියලි කාලගුණයත් සමග මෙම තත්ත්වය ඇති වී ඇත.

දියලුම ඇල්ල ජල පෝෂක ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරාවටම කැලෑ ගිනි ගැනීම් ද වාර්තා වූ අතර දිනෙන් දින ජල මට්ටම අඩු වීමත් සමග දියලුම දිය ඇල්ලේ සුන්දරත්වය ද අඩූ වී ඇති බවයි වාර්තා වන්නේ