පලස්තීනයට සහාය දෙන්න ඊජිප්තුව සැරසෙයි

ගාසා තීරයේ ඇති වන දැඩි ගැටුම්කාරී යුදමය තත්ත්වය තුළ ඊජිප්තුවෙන් යළි ආධාර ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ,මානුෂීය අර්බුදය උග්‍ර වීම හේතුවෙන් ඊශ්‍රායලයේ දැඩි විරෝධතා මධ්‍යයේ මැදපෙරදිග සිට පලස්තීනුවන්ට ආධාර ලබාදීමට ගාසා තීරය සමග සිය දේශසීමා හරස් මාර්ගය නැවත විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බවයි.

ඊශ්‍රායලයට පසුගිය 09 වැනි දින පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධානය විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1200 ඉක්ම වූ පිරිසක් මියගියා.

මෙවන් තත්ත්වයක් මතයි හමාස් සංවිධානය මුළුමනින් ම විනාශ කර දමන බවට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ.

ඊයේ දිනයේ අවසාන වීමට පෙර ගාසා තීරයේ අල්-අහ්ලි අල්-අරාබි රෝහලේ සිදු වූ පිපිරීමකින් පසු කලාපය
මේ වනවිටත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අස්ථාවර තත්ත්වයක්.

එම ප්‍රහාරයෙන් පලස්තීන නිලධාරීන් 471 දෙනෙකු මියගියා.

එය ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයක් බවටයි පලස්තීනය චෝදනා කළේ.

කෙසේවෙතත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙන් ම එක්සත් ජනපදය ප්‍රකාශ කළේ; එම පිපිරීම ඊශ්‍රායලයට විරෝධී පලස්තීන සටන්කාමීන් විසින් වගකීම් විරහිත ව එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් අසාර්ථක වීම මත එය සිදු වූ බවයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lior Haiat, සමාජ මාධ්‍ය වේදිකාවේ X හි පැවසුවේ, රෝහල් ප්‍රහාරයෙන් මියගිය පිරිස අධික වුව ද; එය පලස්තීනය පවසන ආකාරයට විශාල පිරිසක් නොවන බවයි.

එමෙන්ම පලස්තීන රෝහලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊජිප්තුව සිය ශෝකය පළ කරනවා.

මෙම රෝහල් ප්‍රහාරයට පලස්තීනයේ බටහිර ඉවුර, ඉරානය, ජෝර්දානය, ලෙබනනය, ටියුනීසියාව ආදී තැන්වල විරෝධතා පැන නැගුණා.

විරෝධතා අතරතුර ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ පලස්තීන යෞවනයන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමූ බව පලස්තීන නිලධාරීන් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21