Empty Ad
AFC Banner
Empty Ad

පලස්තීනයට සහාය දෙන්න ඊජිප්තුව සැරසෙයි

ගාසා තීරයේ ඇති වන දැඩි ගැටුම්කාරී යුදමය තත්ත්වය තුළ ඊජිප්තුවෙන් යළි ආධාර ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ,මානුෂීය අර්බුදය උග්‍ර වීම හේතුවෙන් ඊශ්‍රායලයේ දැඩි විරෝධතා මධ්‍යයේ මැදපෙරදිග සිට පලස්තීනුවන්ට ආධාර ලබාදීමට ගාසා තීරය සමග සිය දේශසීමා හරස් මාර්ගය නැවත විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බවයි.

ඊශ්‍රායලයට පසුගිය 09 වැනි දින පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධානය විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1200 ඉක්ම වූ පිරිසක් මියගියා.

මෙවන් තත්ත්වයක් මතයි හමාස් සංවිධානය මුළුමනින් ම විනාශ කර දමන බවට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ.

ඊයේ දිනයේ අවසාන වීමට පෙර ගාසා තීරයේ අල්-අහ්ලි අල්-අරාබි රෝහලේ සිදු වූ පිපිරීමකින් පසු කලාපය
මේ වනවිටත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අස්ථාවර තත්ත්වයක්.

එම ප්‍රහාරයෙන් පලස්තීන නිලධාරීන් 471 දෙනෙකු මියගියා.

එය ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයක් බවටයි පලස්තීනය චෝදනා කළේ.

කෙසේවෙතත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙන් ම එක්සත් ජනපදය ප්‍රකාශ කළේ; එම පිපිරීම ඊශ්‍රායලයට විරෝධී පලස්තීන සටන්කාමීන් විසින් වගකීම් විරහිත ව එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් අසාර්ථක වීම මත එය සිදු වූ බවයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lior Haiat, සමාජ මාධ්‍ය වේදිකාවේ X හි පැවසුවේ, රෝහල් ප්‍රහාරයෙන් මියගිය පිරිස අධික වුව ද; එය පලස්තීනය පවසන ආකාරයට විශාල පිරිසක් නොවන බවයි.

එමෙන්ම පලස්තීන රෝහලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊජිප්තුව සිය ශෝකය පළ කරනවා.

මෙම රෝහල් ප්‍රහාරයට පලස්තීනයේ බටහිර ඉවුර, ඉරානය, ජෝර්දානය, ලෙබනනය, ටියුනීසියාව ආදී තැන්වල විරෝධතා පැන නැගුණා.

විරෝධතා අතරතුර ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ පලස්තීන යෞවනයන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමූ බව පලස්තීන නිලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?