පරිසර විනාශයන් ගැන වසන්ත යාපාබණ්ඩාර සිදු කළ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව

මූතූර් සාෆිනගර් වැලි ජාවාරමෙන් රජයට අහිමි වුන ආදායම රු. මිලියන 1000 කට වැඩි බවත් එය පරිසර අමාත්‍යංශය සඳහා වෙන්වූ මුලු වැය ශීර්ෂයෙන් හරි අඩකට වැඩි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පවසා සිටියා.

සාෆිනගර් ප්‍රදේශයට ගොස් ඇතිවන මේ ක්‍රියාවලිය ඇස් දෙකෙන්ම දුටු බව ඔහු පැවසුවා.කිලෝමීටර් 7.5 ක ප්‍රදේශයක් පුරා මෙම වැලි කැණීම සිදුවන බවත් වැලි කැපීමට අඩි 3.5 ක අනුමැතිය ලැබුණත් අඩි 20-40 අතර ප්‍රමාණයක් වැලි කපා ඇති බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් විමසීමට කෝපා කමිටුවට පරිසර අමාත්‍යාංශය කැඳවිය යුතු බවත් පරිසර අමාත්‍යාංශය ඉහල සිට පහලට නිවැරදි විගණනයක් සිදු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?