පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය හෙක්ටර් අප්පුහාමිට

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි තේරී පත්ව තිබෙනවා.

ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

සභාපතිවරයාගේ නමපාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් විසින් එය ස්ථිර කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, තමන්ව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම පිළිබඳව ස්තූතිය පළකළ කර සිටියා.

ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ (05) දිනයේ කාරක සභාවට අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම උදෙසා ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව ගත හැකි උපරිම ක්‍රියාමර්ග ගැනීමට අපේක්ෂා කරන බව පැවසුවා.

එමෙන්ම කෘෂිකර්මාන්තය තවදුරටත් නගාසිටුවීමට අදාළ යහපත් ක්‍රියාමාර්ග මෙම කාරක සභාව ඔස්සේ ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ වෙනුවෙන් සියලුම පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බවත් පවසා සිටියා.

මෙම කාරක සභාව ඔස්සේ රට නිවැරදි දිශානතියක් කරා රැගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?