පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලික ව නතර කර තිබෙනවා.
ඒ අනුව අද (28) පෙරවරු 08 සිට එම වර්ජනය අත්හිටුවන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පැවසුවේ.
ඊයේ (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ද හෙතෙම කියා සිටියා.













