පැරණි පෙම්වතියව ත්‍රීවිල් රථයකින් රැගෙන ගොස් අමුතු කතාවක් කියූ පැරණි පෙම්වතා

මහ පාරේ පයින් ගමන් කරමින් සිටි පැරණි පෙම්වතියව ත්‍රීවිල් රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැර ගත් ස්ථානයට ගෙනවිත් ඇරලු පැමිණිලිකාර පෙම්වතියගේ පැරණි පෙම්වතාව 30 වෙනිදා දක්වා රිමාන්ඩ් භරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (18) පස්වරුවේ නියම කළාය.

දිවුලපිටිය , පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. සැකකරු සමඟ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ත්‍රීවීල් රථයේ රියැදුරු දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහැරුනි .

පැමිණිලිකාරිය වසරක පමණ කාලයක් සැකකාර පෙම්වතා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත් වීමෙන් අනතුරුව පෙම් සම්බන්ධතාවය නවතා ඇති බව පොලිසිය කියයි.

ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග ත්‍රීවිල් රථයකින් පැමිණ මරදගහමුල, නෙල්ලිගහමුල ප්‍රදේශයේදී පැමිණිලිකාර තරුණියව පැහැරගෙන ගොස් අලුතැපොල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහරදී ඇති බව දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

ත්‍රීවිල් රථ රියදුරුගේ සහ අලුතැපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ගේ බලකිරීම් මත සැකකරු පැහැර ගත් පැමිණිලිකාර තරුණියව නැවත ත්‍රීවිල් රථයෙන් පැහැර ගත් ස්ථානයට ගෙනවිත් දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජී.කේ.සුබසිංහ නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51
Video thumbnail
"මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ..ගොඩක් අය දන්නේ නෑ "- ජනපති අධිකරණය ගැන කට අරියි
12:03
Video thumbnail
උලමා සභාව හමුවට ගිය නීතීඥ සංගමයේ සභාපති..
00:18
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32