මිනුවන්ගොඩ, දෙවලපොළ ප්‍රදේශයේ ඊයේ (13) තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අපරාධයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකළා.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරු අද (14) දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 65 හැවිරිදි ගනේමුල්ල ප්‍රදේශයේ දී පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
1
+1
+1