පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟ දෙකක් අද

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

මෙම කන්ඩායම් දෙකම තමන් සහභාගීවූ තරඟ 03 න් 02 ක බැඟින් ජයගෙන ප්‍රසාද ලකුණු 04 බැඟින් රැස්කරගෙන සිටි.

දළ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.

ඒ අනුව මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගැනීමට හැකි.

දෙවන කාණ්ඩයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.ඒ, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතරයි.

තරඟ 03 කට සහභාගීවී ප්‍රසාද ලකුණු 03 ක් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ සිටී.

මෙම තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට ඒමට අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?