පද්මෙගේ අයිස් හදන කෙමිකල් සැඟවූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරි නැමැත්තාගෙන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සැකකාර පියල් මනම්පේරි නැමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම අවසරණය ලබා දී ඇත්තේ.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (05) දිනයේ මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.

ඒ අනුව මෙම රසායනික ද්‍රව්‍ය සඟවා තැබීමේ චෝදනාව මත සැකපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධියේ සක්කරුවෙක්ව සිටින පියල් මනම්පේරිගේ සහෝදරයා වන සම්පත් මනම්පේරි නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28