spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පණපිටින් වළ දැමුවත් ජිවත් වෙන්න වාසනාව ලැබූ බිලිඳිය

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ කතක බිහිකළ බිලිදියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි බේරාගත් බව පොලිසිය පවසනවා. ගොඩගත් බිළිඳිය දැනට යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසයි.

චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් නිවස පිටුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ගාම නිලධාරිනිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන ඇත.

බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බවට තහවුරු වීම නිසා පොලිසිය වහාම ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා ඇත

පොලිසිය විසින් බේරාගත් බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි

උපන් හැටි බිලිදිය පණ පිටින් වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?