නොහොඹිනා වැඩවලට දරුවන් පොළඹවා ගන්න සමාජ මාධ්‍ය ඔස්සේ තැත්කළ අයෙක් අත්අඩංගුවට

ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කුඩා දරුවන් පොළඹවා ගැනීමේ විවිධ වාක්‍ය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්කළ පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවල දී මෙම පුද්ගලයා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

“පුංචි ළමයිට ආසයි”, “තුරුළු කරගන්න ආසයි” යනුවෙන් කුඩා දරුවන් ඒ කෙරෙහි පොළඹවා ගැනීම සඳහා විවිධ වැකි සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව පරිගණක අපරාධ ඒකකය මඟින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස 30 හැවිරිදි වියේ පසුවන මෙම අවිවාහක පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පාපොච්ච්රණය කර ඇත්තේ, තමන් කුඩා කාලයේ දී අපයෝජනයට ලක් වූ බවයි.

ඒ, හේතුවෙන් එම මතකය සිතෙහි ගැබ්ව තිබෙන බැවින් මෙවැනි වාක්‍ය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඈත්තේ.

එම ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන පොලිසිය සැකකරුගේ එම ක්‍රියාවන් හේතුවෙන් කුඩා දරුවන්ට හානියක් වී තිබේද? ඔහු මුදල් උපයා තිබේ ද? යන්න පිළිබඳව විමර්ශන ආරම්භකර තිබෙනවා.

එමෙන්ම ඔහු කුඩා දරුවන් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ වැකි ප්‍රසිද්ධියට පත් කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යන්න සොයා බැලීමට අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?