නොරොච්චෝලේ යළි පණගන්වන තෙක් විදුලිය කැපෙයි ද ? තීරණය අද

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අද (10) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

පවතින තත්වය තුළ ඇති විය හැකි හදිසි විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් ද අධ්‍යයනය කරමින් සිටින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පානදුර ග්‍රීඩ් උපපොළේ ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණා.

ඒ, සමඟ විදුලි බල පද්ධතියේ හටගත් සමතුලිතතාව හේතුවෙන් විදුලිය සැපයුම අඩාල වූ බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.

සමස්ත දිවයිනටම ඊයේ (09) පෙරවරුවේ සිදු වූ විදුලිය බිඳ වැටීම පැය 05ක පමණ කාලයක් පැවති අතර, රාත්‍රී 9.45 පමණ වන විට දිවයින පුරා විදුලිබල සැපයුම යළි යථාතත්වයට පත්කිරීමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කළේ.

මේ අතර විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ මේ වනවිට අක්‍රීයව පවතින නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යළි සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දින හතරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?