නොරොච්චෝලේ යළි පණගන්වන තෙක් විදුලිය කැපෙයි ද ? තීරණය අද

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අද (10) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

පවතින තත්වය තුළ ඇති විය හැකි හදිසි විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් ද අධ්‍යයනය කරමින් සිටින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පානදුර ග්‍රීඩ් උපපොළේ ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණා.

ඒ, සමඟ විදුලි බල පද්ධතියේ හටගත් සමතුලිතතාව හේතුවෙන් විදුලිය සැපයුම අඩාල වූ බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.

සමස්ත දිවයිනටම ඊයේ (09) පෙරවරුවේ සිදු වූ විදුලිය බිඳ වැටීම පැය 05ක පමණ කාලයක් පැවති අතර, රාත්‍රී 9.45 පමණ වන විට දිවයින පුරා විදුලිබල සැපයුම යළි යථාතත්වයට පත්කිරීමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කළේ.

මේ අතර විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ මේ වනවිට අක්‍රීයව පවතින නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යළි සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දින හතරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08