නොමිලේ තරග නරඹන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (07) සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇති.

එක්දින තරග තුන මේ මස 15, 18 සහ 21 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ඒ සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම් අතර පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගය ජයපැරදුමින් තොරව නිමාවට පත්වුණා.

දෙවන තරගයේ හතර වන දිනයේ සවස වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නටම පැමිණි අවස්ථාවේ වර්ෂාවෙන් බාධා වීම නිසා ජයග්‍රහණය වැළකී ගියා.

ප්‍රථම සිව්දින තරගයේදී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුශ්ක ද්විත්ව ශතකයක් රැස්කළ අතර දෙවන ටෙස්ට් තරගයේදී ලසිත් කෘස්පුල්ලේ ප්‍රථම දිනයේම ශතකයක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14