spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොමිලේ තරග නරඹන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (07) සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇති.

එක්දින තරග තුන මේ මස 15, 18 සහ 21 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ඒ සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම් අතර පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගය ජයපැරදුමින් තොරව නිමාවට පත්වුණා.

දෙවන තරගයේ හතර වන දිනයේ සවස වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නටම පැමිණි අවස්ථාවේ වර්ෂාවෙන් බාධා වීම නිසා ජයග්‍රහණය වැළකී ගියා.

ප්‍රථම සිව්දින තරගයේදී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුශ්ක ද්විත්ව ශතකයක් රැස්කළ අතර දෙවන ටෙස්ට් තරගයේදී ලසිත් කෘස්පුල්ලේ ප්‍රථම දිනයේම ශතකයක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?