නොදන්වා පැමිණි වෘත්තිය සමිති නියෝජිතයන් නිසා ජනපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

වෘත්තිකයන්ගේ වෘත්තිය සමිතියේ නියෝජිතයන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට උත්සාහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් මෙලෙස සාකච්ඡාවක් ඉල්ලා පැමිණ තිබූ අතර පොලිසිය සහ හමුදාව එක්ව ඔවුන්ගේ ගමන නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු පිරිසක් මෙලෙස ජනාධිපති කාර්යාලය වෙතට පැමිණ සිටියා.

පොලිසිය සහ හමුදාව එක්ව ඔවුන් නතර කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙකු පැමිණ වෘත්තිය සමිති නියෝජිතයන් පිරිස සමග සාකච්ඡා කර තිබුණා.

වෙනත් දිනයක් සාකච්ඡාව සඳහා ලබා දෙන බවට එම නිලධාරියා ප්‍රකාශ කළ ද එය ප්‍රතික්ෂේප කළ වෘත්තිය සමිති නියෝජිතයන් පිරිස අද දිනයේම සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද එම අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔවුන් විසිර ගොස් ඇත්තේ යළිත් පැමිණෙන බවට ප්‍රකාශ කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31