AFC Banner
Empty Ad
Empty Ad

නේටෝ ප්‍රකාශයන්ට චීනයේ විරෝධය

නේටෝ සංවිධානය තම රටේ අවශ්‍යතා සහ ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බව චීනය පවසනවා.

නේටෝ සංවිධානයේ මහලේකම් Jens Stoltenberg  චීනයට අදාළව කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning පසුගිය දා පැවති ‍ මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවා.

චීනයේ ක්‍රියාකාරකම් නේටෝ සංවිධානයේ ආරක්ෂාවට අභියෝගයක් වී ඇතැයි නේටෝව විශ්වාස කරන බව එම සංවිධානයේ මහලේකම්වරයා පසුගියදා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවුණා.  

රුසියාව මිසයිල සහ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීම සඳහා චීනයෙන් දියුණු තාක්‍ෂණය ආනයනය කරන බවත්, චීනය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම ගැටුමට ඉන්ධන සපයන බවට චීනයට චෝදනා එල්ල වනවා

මේ සදහා ප්‍රතිචාර දක්වමින් චීනය පවසන්නේ චීනයට අභියෝග කරමින්, එහි දේශීය හා විදේශීය ප්‍රතිපත්ති විකෘති කරමින් චෝදනා කිරීමට කිසි විටෙකත් ඉඩනොදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?