නුවන් තුෂාර, ලෝකයෙන්ම 06 වෙනි තැනට

අන්තර්ජාතික විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරිම්වල ස්ථාන 06කින් ඉදිරියට පැමිණෙමින් 06 ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත් වී තිබෙනවා.

ආසියානු කුසලානයේ පසුගිය තරග දෙකෙහි දැක්වූ දක්ෂතා මත පදනම්ව නුවන් තුෂාර මෙලස එම ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් එලෙස විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 10 අතරට පැමිණියේ කලකට පසු වීම විශේෂත්වයක් වනවා .

නුවන් තුෂාරට එක ස්ථානයක් පහළින් වනිඳු හසරංග එම ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංකද එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඔහුද පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම්වල වන 06 ස්ථානයේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්