නිවාස පෙලක් ගිනිගනී

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ මොන්ටිෆෙයාර් කොටසේ වතු නිවාස පේලියක (16) දින උදැසන හටගත් ගින්නකින් නිවාස 06 ක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

වතු නිවාස 20 කින් සමන්විත නිවාස පේලියේ (16) දින හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර යාම වලක්වා ගැනිමට එම වතුයායේ පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් සමත් වි ඇත.

වසා තිබුණු එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්,ගින්නෙන් වතු නිවාස පේලියේ නිවාස 06 ක් අර්ධ වශයෙන් විනාශ වි ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගිනිගත් වතු නිවාස වලට ලබා දි තිබු විදුලි බලය විසන්ධි කිරිමට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් පියවර ගෙන ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?