නිවස කඩා දමන්න ආ මොහොතේ ගිනි තබාගෙන සියදිවි නසාගන්න හැදූ අඹුසැමි යුවළ (වීඩියෝ)

සිය නිවසේ කොටසක් කඩා බිඳ දැමීමට විරෝධය පළකරමින් අඹුසැමි යුවළක් විසින් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුවතක් ඉන්දියාවේ බැන්ගලෝරයෙන් වාර්තා වනවා.

අදාළ යුවළ වාසය කළ නිවස නගරයේ ජලාපවාහනය මාර්ග අවහිර වන සේ ඉදිරකර ඇති බව පවසමින් රජයේ නිලධාරී පිරිසක් බුල්ඩෝසරයක් රැගෙන පැමිණ නිවසේ කොටසක් කඩා දැමීමට සූදානම්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ යුවළ සිරුරට පෙට්‍රල් වත්කරගෙන ගිනි තබා ගන්නට උත්සහා කර ඇති බවයි වාර්තා වුණේ.

සිරුරට පෙට්‍රල් හලාගෙන එය අවුලවා ගැනීමට ගිනිකූරක් දැල්වීමට යන අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ සිරුරුවලට ජල ප්‍රහාරයක් එල්ල කිරීමටයි අසල සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන් සහ අවට සිටි පිරිස් එක්ව අදාළ අඹුසැමි යුවළ සිටි ස්ථානයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තම නිවස අනවසර ඉදිකිරීමක් නොවන බවයි ඒ බව තහවුරු කිරීමට තමන් සතුව ලියකියවිලි ඇති බවයි .

කෙසේ වෙතත් ජලාපවාහනය මාර්ග අවහිර වන සේ ඉදිරකර තිබූ නිවසේ කොටස කඩා ඉවත් කිරීමටයි නිලධාරී කටයුතු කර ඇත්තේ.

එම සිදුවීම පහතින්..

https://youtu.be/VFpn-Y78ZtY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59