spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසක හට ගත් ගින්නකින් තිදරු මවක් ජීවිතක්ෂයට

නාවුල – පිලිහුඩුගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ හට ගත් ගින්නකින් 43 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ හට ගත් ගින්නෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

නිවස තුළ වූ බුදුකුටියේ දල්වා තිබූ පහන පෙරළී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ගින්න හටගත් අවස්ථාවේ එය නිවීමට උත්සහ කිරිමේ දී අදාල කාන්තාවගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බරපතල පිළිස්සුම් ලබා සිටි එම කාන්තාව රෝහල් ගත කළ පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?