මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස ඇති බව වාර්තා වනවා.
සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් පැවැති අතර, එය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ඒ, අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසට සාපේක්ෂය ඔක්තෝබර් මාසය තුළ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.2කින් පහත බැස තිබෙනවා.
මේ අතර, මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඊට චීන මහජන බැංකුවෙන් ලද අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්.




