නිලාවේලි මුහුදට බිළි වෙන්න ගිය තරුණියන් දෙදෙනා බේරාගත් ජීවිතාරක්ෂක මෙහෙයුම

මුහුදු රළට හසුව ගසාගෙන යමින් සිටි තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.

අදාල තරුණියන් දෙදෙනා නිලාවේලි මුහුදු තීරයේ දී මෙලෙස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තරුණියන් දෙදෙනා බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් දෙදෙනා පසුව ප්‍රතිකාර සදහා නිලාවේලි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස බේරාගෙන ඇත්තේ 21 සහ 22 හැවිරිදි වියේ පසු වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙක්.