නිලධාරිනියන් දෙදෙනෙක් කූඨ ලේඛන වලින් ගෙනා වාහන ගැන අනාවරණයක්

වර්තමාන ‍ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ඉහළ තලයේ නිළයන් දරණ නිලධාරිනියන් දෙදෙනෙකු විසින් කූඨ ලේඛන සකසා වංචා සහගත ලෙස තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා ගනිමින් වාහන දෙකක් ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

වර්ෂ 2011 දී වංචනික ලෙස තම සේවා කාලයන් සහ තනතුරු සඳහන් කොට නීත්‍යානුකූලව හිමි නොවන සහනයක් ලබාගැනීම සඳහා වෙළඳ තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව චේතනාන්විතව නොමග යවමින් තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර මෙම නිලධාරිනියන් දෙදෙනා විසින් ලබාගෙන ඇතැයි සංජය මහවත්ත පවසනවා.

තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට 2010/12/10 දිනැති අංක 01/2010 දරන හා 2010/12/24 දිනැති අංක 01(1)/2010 දරන වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛවල පිළිවෙලින් 1(g) සහ 02 වගන්ති අනුව වෙනත් නියාමන ආයතනයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක නිලයක අවුරුදු 12ක ක්‍රියාකාරී සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු බව පවසන සංජය මහවත්ත, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛවලට අනුව “ජ්‍යෙෂ්ඨ මට්ටමේ” විධායක තනතුරු ලෙස සැලකෙන්නේ MM, AR සහ HM වැටුප් කාණ්ඩවලට අයත්වන රජයේ නිලධාරීන් බවද මෙම නිලධාරිනියන් දෙදෙනා කලින් දැරූ කණිශ්ඨ තනතුරු දෙක (විධායක සහ ජ්‍යෙෂ්ඨ විධායක යන තනතුරු) කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ‍ චක්‍රලේඛවලට අනුව “ජ්‍යෙෂ්ඨ මට්ටමේ” තනතුරු ලෙස සැලකෙන්නේ නැති බවද පවසා සිටියා.

තවද, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ පරිපාලන අත්පොතෙහි පිටු අංක 30හි සඳහන් අභ්‍යන්තර උසස්වීම් ලබාදීමේ පටිපාටියට අනුවද මෙකී තනතුරු දෙක සැලකෙන්නේ කණිෂ්ඨ තනතුරු ලෙසටය .

තත්ත්වය එසේ තිබියදී 2011 වර්ෂය වන විට අදාළ නිලධාරිනියන් දෙදෙනා එකී සේවා කාලය සපුරා නොතිබීම හේතුවෙන් සේවා කාලය සම්පූර්ණ කර පෙන්වීම සඳහා එම නිලධාරිනියන් දෙදෙනා පෙර දරණ ලද කනිෂ්ඨ තනතුරු (විධායක නිලයක් නොවන) ඇතුළත් කරමින් තම තනතුරු මෙන්ම සේවා කාලයන් ද වංචා සහගත ලෙස දක්වමින් අයදුම්පත්‍ කූඨ ලෙස සකසා වෙළඳ තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව (Trade, Tariff and Investment Policy Department) චේතනාන්විතව නොමඟ යවා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාගෙන එම ආනයන බලපත්‍ර මගින් KIA sportage සහ KIA sorento මාදිලියේ වාහන දෙකක් මෙලෙස වංචනික ලෙස මෙම නිලධාරිනියන් දෙදෙනා ආනයනය කර රජයේ බදු මුදල් වංචා කිරීමෙන් රජයට අයවිය යුතු බදු මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇතැයි මගෙන් රටට සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44