නිරෝධායන නීති කඩ කරමින් අගමැති මැඳුරේ තිබු සාදයන්

අගමැතිට ඉල්ලා අස්වෙන්න යැයි පක්ශයෙන් බලපෑම්

කොවිඩ් වසංගත තත්වය පැවතියදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ පවත්වා ඇතැයි කියන සාද සම්බන්ධයෙන් එරට මෙට්‍රොපොලිටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

2020 වසරේ සිට මෙලෙස නීති කඩවීම් සිදුව ඇති බවටයි තොරතුරු හෙළිවන්නේ.

කෙසේවෙතත් කොපමණ කාලයක් මේ සඳහා ගතවේ දැයි තවමත් අවිනිශ්චිතයි.

ලොක්ඩවුන් තත්වයක් පැවතියදී පවා බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් උපන්දින සාද සහ කාර්යාල සේවකයන් සඳහා සාද පවත්වා ඇතැයිද පසුගියදා අනාවරණය වුණා.

කොවිඩ් රීති පසෙකලා අග්‍රාමාත්‍ය නිල නිවස තුළ තම උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙනවා.

2020 ජූනි මාසයේ පැවති උපන්දින සැමරුම සඳහා 30 දෙනෙකු පමණ එක්වී ඇතැයි සඳහන්.

මීට සති කිහිපයට පෙරද මත්පැන් සාදයක් සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් ට චෝදනා එල්ලවූ අතර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කරන්නේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ලොක්ඩවුන් නීති කඩා සාදයකට සහභාගී වීම : බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලපෑම්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12