නිරෝධායන නීති කඩ කරමින් අගමැති මැඳුරේ තිබු සාදයන්

අගමැතිට ඉල්ලා අස්වෙන්න යැයි පක්ශයෙන් බලපෑම්

කොවිඩ් වසංගත තත්වය පැවතියදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ පවත්වා ඇතැයි කියන සාද සම්බන්ධයෙන් එරට මෙට්‍රොපොලිටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

2020 වසරේ සිට මෙලෙස නීති කඩවීම් සිදුව ඇති බවටයි තොරතුරු හෙළිවන්නේ.

කෙසේවෙතත් කොපමණ කාලයක් මේ සඳහා ගතවේ දැයි තවමත් අවිනිශ්චිතයි.

ලොක්ඩවුන් තත්වයක් පැවතියදී පවා බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් උපන්දින සාද සහ කාර්යාල සේවකයන් සඳහා සාද පවත්වා ඇතැයිද පසුගියදා අනාවරණය වුණා.

කොවිඩ් රීති පසෙකලා අග්‍රාමාත්‍ය නිල නිවස තුළ තම උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙනවා.

2020 ජූනි මාසයේ පැවති උපන්දින සැමරුම සඳහා 30 දෙනෙකු පමණ එක්වී ඇතැයි සඳහන්.

මීට සති කිහිපයට පෙරද මත්පැන් සාදයක් සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් ට චෝදනා එල්ලවූ අතර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කරන්නේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ලොක්ඩවුන් නීති කඩා සාදයකට සහභාගී වීම : බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලපෑම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?