නිරූපමා රටින් පිටව යයි

නිරූපමා රාජපක්ෂ ඊයේ රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සනාථ කර සිටිනවා.

ඇය ඊයේ දින රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් වී තිබුණා.