නියමිත මිලට බිත්තර අලෙවි කරන්නැයි දැනුම්දීමක්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනයට අනුව නීතියට ගරු කරමින් අදාළ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කරන ලෙසට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර ඉල්ලීමක් කරනවා.

මේ අතර සුදු බිත්තරයක් රුපියල් 44 කට සහ රතු බිත්තරයක් රුපියල් 46 කට අලෙවි කිරීමට මිල නියම කර තිබියදී එම මිලට වඩා වැඩිමුදලට බිත්තර අලෙවි කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ නියමිත මිල ඉක්මවා යමින් බිත්තර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේ ලැබුණු තොරතුරකට අනුව වැඩි මිලට අලෙවි කිරීමට සගවා තිබූ ජා ඇල ප්‍රදේශයේ බිත්තර ගබඩාවක් වටලා බිත්තර අත්අඩංගුවට ගත් බව ද සභාපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56