76 වැනි නිදහස් සැමරුමට සමගාමීව ඖෂධ පැළ දස දහසක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන අද (02) ආරම්භ වුණා.
ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩසටන ක්‍රියාත්මක කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්වයි.
රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ අමාත්‍යාංශ භූමිවල මෙම ඖෂධ පැළ රෝපණය සිදුකෙරෙනවා.
අද (02) දිනයේ ආරම්භ වූ මෙම වැඩසටහනට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යය සිසිර ජයකොඩි, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන අය එක්ව සිටියා.
