spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවක ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවක් අකුරල මුහුදු තීරයට ගොඩගසයි (ඡායාරූප)

අම්බලන්ගොඩ, අකුරල මුහුදු තීරයට අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවක් අද (05) අලුයම ගොඩගසා තිබෙනවා.

මෙලෙස ගොඩගසා ඇත්තේ හලාවත – වෙල්ල මංකරය ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම යාත්‍රාව පසුගිය 02 වනදා බේරුවල මුහුදේ දී නැවක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

යාත්‍රාව අනතුරට පත් අවස්ථාවේ එහි සිටි ධීවරයින් බේරුවල ධීවරන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර, පාවෙමින් තිබූ බහුදින ධීවර යාත්‍රාව අද (05) අලුයම අකුරල වෙරළ තීරයට මෙලෙස ගොඩගසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?