නැතිවුණු චරිත්ට යුක්තිය ඉටුකරන්න සියලු සහාය දෙන බව නීතිඥවරු කියයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ශාන් නැමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රචික පළිහවඩන සහ නීතිඥ කල්හාර විජේසිංහ පවසනවා.

බලංගොඩ ප්‍රදේශයේ දී අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් දෙපළ මේ බව සඳහන් කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ සහාය ලබාදෙන ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔවුන් මෙහිදී සඳහන් කර සිටියේ.

මියගිය චරිත් දිල්ශාන් සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඊයේ (02) දිනයේ නවකවදයට මුහුණ දුන් සිසුන් පිරිසක් ඔවුන් මුහුණ පෑ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට සමනළවැව පොලිසිය වෙත පැමිණි බවද නීතිඥවරුන් සඳහන් කළා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබූ අතර, ඊට හේතුව විශ්ව විද්‍යාලය නවකවදය බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?