Update – අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 05 දෙනෙක් බේරාගෙන රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරය යාත්‍රාවක් අද (15) දහවල් අඟුලා⁣න මුහුදු තීරයේ දී අනතුරට ලක්ව වුණා.

අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි 05 දෙනෙක් බේරාගෙන ලුනාව රෝහලට මේ වනවිට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

==========================

නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අඟුලා⁣න මුහුදු තීරයේ දී අනතුරට ලක්ව තිබෙනනවා.

අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පිරිස සොයා මුදාගැනීම සඳහා නාවික හමුදාව සහක් හා ගුවන් හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරය යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.