නානුඔය සිට බදුලු යන අලුත් ඇල්ල ඕඩිසි මංගල ගමන අරඹයි (වීඩියෝ)

නානුඔය සිට බදුල්ල දක්වා අද (10) දිනයේ අලුතින් ඇල්ල ඕඩිසි දුම්රියක් ධාවනයට එක් කළා.

එම දුම්රිය මංගල ගමන්වාරය අද (10) උදෑසන 8.15ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ඇරඹුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

මෙම දුම්රිය අඟහරුවාදා දිනය හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමඟ ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (10) දිනයේ අලුතින් ධාවනයට එක්කළ මෙම දුම්රිය යළිත් පස්වරු 1.00ට බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් ඇරඹීමට නියමිතයි.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසනයක් රුපියල් 7000ක්, දෙවන පන්තියේ ආසනයක් රුපියල් 6000ක් සහ තුන්වන පන්තියේ ආසනක් රුපියල් 5000ක් ලෙස මිල නියම කර තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මෙම දුම්රිය සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, මංගල ගමන ඇරඹු අද දිනයේ විශාල විදෙස් සංචාරකයින් පිරිසක් මෙම ගමන සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇලි ආශ්‍රිතව දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 06ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10ක කාලයක් දුම්රිය නතර කිරීමටත් දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?