අනුරාධපුරයට මේ දිනවල විටින් විට ඇඳ හැලෙන වර්ෂාපතනය හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර ඇතිි බව නාච්චාදූව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසනවා.
ඒ අනුව මේ වන විට එම ජලාශය වාන් දොරටු හයෙන් දොරටු දෙකක් අඩි තුන බැගින් හා දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණ අඩි එක්දහස් හතළිස් එකක ජලධාරිතාවයක් මල්වතු ඔයට මුදාහරිනු බවයි ඔවු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම රාජාංගන ජලාශයේ ද වාන් දොරටු හයක් මේ වන විට විවෘත කොට ඇති අතර තත්පරයට ගණ අඩි 3184 ක ජල ධාරිතාවක් ඒ මඟින් කලා ඔයට මුදා හරින බව ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















