කළුතර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි 35 හැවිරිදි සැකකරුවෙක් බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා දීම සඳහා පසුගිය දා නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
එලෙස බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටි එම රැඳවියාට අද (31) උදෑසන නාදුනන වෙදික්කරුවෙක් විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.
අද උදෑසන 06.00ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එම රැඳවයාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර මේ වන විට ඔහුව ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




