Empty Ad
Empty Ad
 Empty Ad

නාගානන්ද කොටිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කරයි

නීතිඥ වෘත්තියට අවමානයක් සහ අගෞරවයක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි කියන චෝදනාවට වැරදිකරු කෙරුණු විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) දින තීන්දු කළා.

ප්‍රීති පද්මන් සූරසේන, එස් තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ගේ ගෞරවයට හානිකර ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.

ඒ පිළිබඳව දීර්ඝ විභාගයක් සිදු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියට අවමන් සහගත ලෙස කටයුතු කර තිබෙන බව තහවුරු වන බවයි.

වග උත්තරකාර නාගානන්ද කොඩිතුවක්කුට මීට පෙරද මේ හා සමාන චෝදනාවක් සම්බන්ධයෙන් වෘත්තීය තහනමක් පනවා තිබූ බවත් විනිසුරු මඩුල්ල සිහිපත් කළා.

ඒ අනුව වගඋත්තරකාර නාගානන්ද කොඩිතුවක්කුට අදාල චෝදනාවලට වරදකරු කරන බවත් අදාළ චෝදනාවලට වරදකරු කරන බවත් ඔහු විසින් සිදුකර තිබෙන ක්‍රියාවේ බරපතල භාවය සැලකිල්ලට ගෙන ඔහු නීතිඥ වෘත්තීයෙන් ඉවත් කිරීමට නියෝග නිකුත් කරන බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
19
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?