නාඋල පොලිස් නිලධාරීන්ට එරෙහිව කරුණු අධ්‍යයනය කරනවා – නීතිපති දැනුම්දෙයි

මත්ද්‍රව්‍ය පරික්ෂා කරන බව සඳහන් කරමින් සිදු කරන ලද පරීක්ෂාවක් අතරතුර දී නාඋල ප්‍රදේශයේ පදිංචි අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නමැති දෙදරු පියෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට වගකිවයුතු නාඋල පොලිසියේ සේවය කළ ඩබ්ලිව්.එම්.විජේතුංග සහ ජනක රුවන් අමරසිංහ යන පොලිස් සැරයන්වරුන්ට එරෙහිව කෲර වධ හිංසනයට එරෙහි පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මියගිය තැනැත්තාගේ බිරිඳ වූ දිනූෂා කුමාරි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද අභියාචනාදීධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේදැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අවසන් වීමෙන් පසුව ඊට අදාළ වැඩිදුර පියවර ගැනීම සඳහා විමර්ශන ගොනු හා උද්ධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

මෙම අපරාධය පිළිබඳ ව නීතිපතිවරයාගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබෙන බවත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව කෲර වධ හිංසනයට එරෙහි සම්මුති පනත මෙන්ම මිනීමැරීම හෝ සාවද්‍ය මිනීමැරීම යන වරදවල් යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳ ව නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 26 වනදා කැඳවීමට නියෝග කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ 2022 වසරේ මාර්තු මස 03 වනදා තම ස්වාමියා සුනඛයාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවත්වා පරීක්ෂාවක් සිදු කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය තිබේදැයි සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදු කර ඇති බවත් ඊට මියගිය තම ස්වාමියා විරෝධය පළ කර ඇති බව සඳහන් කළ පෙත්සම්කාරිය පසුව ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් කියා සිටියා.

ඒ අනුව මෙම සිද්ධියට වගකිවයුතු පොලිස් සැරයන්වරු දෙදෙනාට එරෙහිව වධ හිංසනය වැළැක්වීමේ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ඩබ්ලිව්.එම්.විජේතුංග සහ ජනක රුවන් අමරසිංහ නමැති පොලිස් කොස්තාපල්වරු දෙදෙනා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21