නසීම් ෂාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ ඊයේ (10) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරකයින් නසීම් ෂාගේ නිවසේ ගේට්ටුවට වෙඩි තබා පළා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානිය සිදුව නැහැ.

නසීම් ෂාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන අතර, නොවැම්බර් 17 ආරම්භවන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා නම්කළ සංචිතයට ද ඔහු ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?