spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව පොලිස්පති පත්කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

නව පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය ගණනාව තුළ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව පොලිස්පතිවරයා පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් අද (07) පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොලිසියට අදාළ සේවා කටයුතු ඒ ඒ පළාත්වල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සිදුකරගෙන යන බවයි.

පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය ජුනි 26 වනදා අවසන් වුණා.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
15
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?