නව ආර්ථික ප්‍රතිපත්තියකට යෝජනා ගේන්න කමිටුවක්

රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් එම ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

රට මුහුණ දී ඇති ආර්ථික අවපාතයේ බලපෑම් සහ ඒවායින් ගොඩ ඒම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා පැවති මෙම කාරක සභා රැස්වීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආර්ථික විද්‍යා හා කළමනාකරණ පීඨ පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානීන්, මහ බැංකු සහ භාණ්ඩාගාර නියෝජිතයන් කැඳවා තිබුණා.

රට තුළ විවිධ ප්‍රතිපත්ති සැලසුම් සකස් කළද තවමත් මූල්‍ය අංශයේ ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් නොමැති බවත් එය කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් කමිටු සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා.

රට මේ වන විට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සුදුසු යෝජනා මෙම කාරක සභාව පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර මෙම ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු සියලු පාර්ශ්ව ඒකරාශී කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ සති දෙකක් ඇතුළත විද්වත් කමිටුවක් පත් කර මේ පිළිබද පුළුල් ලෙස විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

නිසි බදු ප්‍රතිපත්තියක් නොමැතිකම, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව, කර්මාන්ත අංශයට සුදුසු වෘත්තීය අධ්‍යාපනයක් නොමැතිකම වැනි විවිධ ගැටලු මෙම තත්ත්වයට හේතුවී ඇති බව මෙහි පැමිණි විද්වතුන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රතිපත්ති සැලසුම් සකස් කර ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුවක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40