නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ – නවකයන් දෙදෙනෙකුත් එක්වෙයි

නවසීලන්ත තරග සංචාරයේ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවකු වන නිශාන් මදුශ්කව එක් කිරීමටයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

සංචාරය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙන අතර එයට නවක වේග පන්දු යවන්නකු වන මිලාන් රත්නායක ද ඇතුළත්.

අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලියේ ලකුනු 100 සීමාව ඉක්මවාලීමට සමත් වූ දකුණත් පිතිකරු නිශාන් මදුශ්ක නිමාවට පත් වු එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් දක්වනු ලැබුවා.

තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගයේදී නොදැවී ලකුණු 150 ක් රැස් කිරීමට සමත්වන මදුශ්ක පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 241ක් සහ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 100ක් වශයෙන් ශතක 3 ක් වාර්තා කරමින් තේරීම් කමිටුවේ අවධානයට දිනා ගැනීමට සමත්ව සිටිනවා. ඒ අනුව ඔහු එම තරගාවලියේ ඉනිම 6 කදී රැස් කරන ලද ලකුණු සංඛ්‍යව 514ක්.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන ලද්දේ පසුගිය 2022 වසරේ ජූලි මාසයේදීයි.

එම තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමේ රැදී සිටි පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක ආබාධවලට ගොදුරුව සිටින බැවින් ඔවුන්ව තේරීම් වලදී නොසලකා හැර තිබෙනවා.

පාකිස්තානයට එරෙහිව පැවැති එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණඩායමට ඇතුළත්වුණු මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබෙනවා.

කෙසේ වෙතත් වේග පන්දු යවන්නන්ට වැඩි වශයෙන් දායකත්වයක් ලබා දෙනු ලබන නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වේග පන්දු යවන්නන් 6 දෙනෙකුගෙන් සමන්විතයි.

ඒ අතරට පසුගිය කාලයේදී ආබාධයකට ගොදුරව සිටීම නිසා ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර තිබු ළහිරු කුමාරද නැවත කණ්ඩායම සමග එක්ව සිටිනවා.

ළහිරුට අමතරව චාමික කරුණාරත්න, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් වනවා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ද ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ටෙස්ට් තරග 2 කින් සමන්විත නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව යනු ඇති.

දෙරට අතර පළමු ටෙස්ට් තරගාවලිය මාර්තු 09 වැනිදා සිට 13 වැනිදා දක්වා ක්‍රයිස්චර්ච්හිදීද දෙවැන්න මාර්තු 17 වැනිදා සිට 21 වැනිදා දක්වා වෙලිංටන්හිදීද පැවැත් වෙනවා.

එම ටෙස්ට් තරග 2 ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මාර්තු මස 4 සහ 5 යන දෙදින ක්‍රයිස්චර්ච්හිදී පැවැත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුනාරත්න (නායක), ඔෂධ ප්‍රනාන්දූ, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිශාන් මදුශ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක.

Sri Lanka Squed


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32