නවසීලන්තයට කඩුලු 8ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ චෙන්නායිහිදීයි.

කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 245ක් රැස් කළා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 66ක් රැස්කළ අතර නායක ශකීබ් අල් හසන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 40ක්.මහමුදුල්ලා රියාද් ලකුණු 41යි.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 03ක්, ට්‍රෙන්ට් බෝල්ට් සහ මැට් හෙන්රි කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 246ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ නායක කේන් විලියම්සන් ලකුණු 78යි. ඩෙවෝන් කොන්වේ ලකුණු 45ක් රැස් කළා. ඩැරි මිචෙල් නොදැවී ලකුණු 89යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?