නවගමුව පොලිස් ස්ථානය තුළ පුද්ගල ඝාතනයක්

නවගමුව පොලිස් ස්ථානයේ දී සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අවිස්සාවේල්ල, කරවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අද නවගමුව පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණා.

එම කාන්තාව මීට පෙර සබඳතාවක් පැවැත් වූ පුද්ගලයා ද අද දිනයේ එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී කාන්තාවගේ වත්මන් පෙම්වතා විසින් හිටපු පෙම්වතාට මෙලෙස පිහියකින් ඇන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?