නවගමුව පොලිස් ස්ථානය තුළ පුද්ගල ඝාතනයක්

නවගමුව පොලිස් ස්ථානයේ දී සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අවිස්සාවේල්ල, කරවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අද නවගමුව පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණා.

එම කාන්තාව මීට පෙර සබඳතාවක් පැවැත් වූ පුද්ගලයා ද අද දිනයේ එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී කාන්තාවගේ වත්මන් පෙම්වතා විසින් හිටපු පෙම්වතාට මෙලෙස පිහියකින් ඇන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30