නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ සිදු වූ දේ ගැන මිකී ආතර් අප්‍රසාදයෙන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර ඊයේ (14) පැවති තරගය නිමා වුණේ ඉන්දියාවට කඩුලු 07ක දැවැන්ත ජයග්‍රහණය හිමිකර දෙමින්.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාකිස්ථාන ක්‍රිකට් අධ්‍යක්ෂ මිකී ආතර් මෙම තරගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර සිටියා.

එහිදී මිකී ආතර් සඳහන් කළේ මෙම ලෝක කුසලාන තරඟය ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගයකට වඩා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ද්විපාර්ශ්වික තරඟයක් ලෙස හැඟුණු බවයි.

මෙම තරගය නැරඹීම සඳහා පාකිස්ථාන ප්‍රේක්ෂකයින්ට පැමිණීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් ද ආතර් මෙහිදී කනස්සල්ල පළ කළා.

දෙරට අතර පවතින දේශපාලන අර්බුදමත පවතින වීසා ගැටළු හේතුවෙන් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ට තම කණ්ඩායමට සහය දැක්වීම සඳහා අහමදාබාද් වෙත යාමට නොහැකි වුණා.

ඊට අමතරව අහමදාබාද්හි පැවති මෙම තරඟයේදී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් ඔවුන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැහැකි බවයි මිකී ආතර් වැඩිදුරටත් සඳහන් කළේ.

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට හයිද්‍රාබාද්හිදී ලැබුණු උණුසුම මෙහිදී හිමි නොවූ බවත්, ඒ වෙනුවට ක්‍රීඩකයින් දකින දකින සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයින් ඔවුන්ට ඝෝෂා කිරීම, විහිළු කිරීම සහ සටන් පාඨ කීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි වූ බව ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
21
+1
15
+1
12
+1
64
+1
8
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?