නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ සිදු වූ දේ ගැන මිකී ආතර් අප්‍රසාදයෙන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර ඊයේ (14) පැවති තරගය නිමා වුණේ ඉන්දියාවට කඩුලු 07ක දැවැන්ත ජයග්‍රහණය හිමිකර දෙමින්.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාකිස්ථාන ක්‍රිකට් අධ්‍යක්ෂ මිකී ආතර් මෙම තරගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර සිටියා.

එහිදී මිකී ආතර් සඳහන් කළේ මෙම ලෝක කුසලාන තරඟය ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගයකට වඩා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ද්විපාර්ශ්වික තරඟයක් ලෙස හැඟුණු බවයි.

මෙම තරගය නැරඹීම සඳහා පාකිස්ථාන ප්‍රේක්ෂකයින්ට පැමිණීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් ද ආතර් මෙහිදී කනස්සල්ල පළ කළා.

දෙරට අතර පවතින දේශපාලන අර්බුදමත පවතින වීසා ගැටළු හේතුවෙන් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ට තම කණ්ඩායමට සහය දැක්වීම සඳහා අහමදාබාද් වෙත යාමට නොහැකි වුණා.

ඊට අමතරව අහමදාබාද්හි පැවති මෙම තරඟයේදී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් ඔවුන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැහැකි බවයි මිකී ආතර් වැඩිදුරටත් සඳහන් කළේ.

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට හයිද්‍රාබාද්හිදී ලැබුණු උණුසුම මෙහිදී හිමි නොවූ බවත්, ඒ වෙනුවට ක්‍රීඩකයින් දකින දකින සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයින් ඔවුන්ට ඝෝෂා කිරීම, විහිළු කිරීම සහ සටන් පාඨ කීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි වූ බව ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
21
+1
15
+1
12
+1
64
+1
8
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08