නබි තුමන්ගේ ජන්ම දිනය සමරන ‘මිලාද් උන් නබි උත්සවය’ අදයි

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් ‘මිලාද් උන් නබි උත්සවය’ අදට (28) යෙදී තිබෙනවා.

ඒ, අනුව නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබනවා.

ක්‍රිස්තු පූර්ව 570 දී සෞදි අරාබියේ මක්කා නුවරදී සිදු වූ මහම්මද් තුමාගේ උත්පත්තිය ඉස්ලාම් දහමේ ආරම්භය ලෙස සැලකෙන අතර, ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස ද හැඳින්වෙනවා.

මේ අතර නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අද (28) දිනයේ දී කොළඹ නෙළුම් කුලුන කොළ සහ සුදු වර්ණයෙන් ආලෝක ගන්වන බව දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?